Thusitha Balasooriya
துசித பாலசூரிய

මහරගම දිනවන තරුණ ජවය

අම්මාගේ ගම වන රත්නපුර දී උපත ලද මා උපන් දා සිට පන්නිපිටිය, රුක්මලේ පාරේ පිහිටි පියාගේ නිවසේ හැදී වැඩුනි. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනයට යොමු විය.

ඊට අමතරව කොළඹ දේශපාලන පීඨයේ ආණ්ඩුකරණය, රාජ්‍ය පාලනය හා ප්‍රතිපත්ති සම්පාදනය ගැන ඩිප්ලෝමාවක් හදාරා වසර කිහිපයක් එහි පාඨමාලා සම්බන්ධීකාරකවරයා ලෙසද කටයුතු කර ඇති අතර ජර්මනියේ ආධාර යටතේ ක්‍රියාත්මක වු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුවෙහි ක්‍රියාකාරී සාමාජිකයෙේ විය.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ධුරයද දරන ලද අතර දුෂණ විරෝධී පෙරමුණේ ජාතික සංවිධායක ලෙසද වසර 15කට වඩා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත මා කථිකයෙක්, සිතන්නෙක් සහ ලියන්නෙක් වෙයි.

මා දැනට සුරිය ඔර්ගනයිසේෂන් පුද්ගලික සමාගමට අනුබද්ධ ආයතන කිහිපයක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වෙළඳ ප්‍රචාරණ, දේපළ වෙළඳාම් සහ දෘෂ්ටි උපකරණ ක්ෂේත්‍රයේ රැකියා උත්පාදනය කරන නිර්මාණශීලි සුහුරු අදහස් සහිත තරුණ ව්‍යවසායකයෙකි.

පාසල් සිසුවෙක් ලෙස දේශපාලන ගමන ඇරඹි මා මෙවර මහරගම නගර සභාවට තරඟ කරන්නේ මහරගම දිනවන සැලැස්මක් අතැතිව ය. මෙහි ඔබ කියවන පස් ආකාර වු සැලැස්මෙහි සෑම වචනයක්ම මාගේ අතින්ම ලියන ලද මාගේ අදහස් වන අතර මා ගැන විශ්වාස කිරීමට ඔබට තවත් සාක්ෂි නුවමනා බව මගේ අදහසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සහ මහරගම ආසන සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ නියෝජනය වෙනුවෙන් ගොඩිගමුව උතුර කොට්ඨාසයට ඉදිරිපත්ව සිටී.

මාගේ අරමුණ වන්නේ මහරගම නගරවැසියන් දිනවන සැපැති, සුවැති, සුරැකි දිවියක් මෙන්ම සරු දැහැමි ප්‍ර‍ජාවක් සහ සුහුරු පරිපාලනයක් මහරගම නගර සභා බල ප්‍රදේශයේ ඇති කිරීමට අවැසි තරුණ ජවය හා ශක්තිය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමයි.