Thusitha Balasooriya
துசித பாலசூரிய

දිනන මහරගම හදන දැක්ම

සැපැති දිවියක්

සැපැති දිවියක් ගත කිරීමට අවැසි පවිත්‍ර පරිසර පද්ධතියක් සකස් කරමින් විධිමත් හා අලංකාර ග්‍රාම නගර වටපිටාවක් නිර්මාණය කිරීම.

සුවැති දිවියක්

සුවැති දිවියකට මංපෙත් විවර කරන නව සෞඛ්‍යාරක්ෂණ ක්‍ර‍ම හා සනීපාරක්ෂණ පද්ධති පිහිටුවීම.

සුරැකි දිවිය

සුරක්ෂිත දිවියකට ඇති අයිතිය තහවුරු කරමින් අනාගතය උවමනාවන්ට සරිලන පරිදි නවීන පොදු පහසුකම් වර්ධනය කිරීම.

සරු දැහැමි ප්‍ර‍ජාවක්

සරු දැහැමි ප්‍ර‍ජාවක් ගොඩනගමින් සාමුහිකත්වය අගයන අභිමානවත් පුරවැසියන් පිරිසක් බිහි කිරීම.

සුහුරු පරිපාලනයක්

සුහුරු පරිපාලනයක් ස්ථාපිත කොට ඵලදායී හා කාර්යක්ෂම ග්‍රාම නගර පාලනයක් හදුන්වා දීම.


මහරගමට සැපැති දිවියක්

කසල බැහැර කිරීම හා රදවා තබා ගැනීම විධිමත් කිරීම සහ කසල ප්‍ර‍තිචක්‍රිකරණ ක්‍ර‍ම හදුන්වා දීම.

ප්ලාස්ටික හා පොලිතින් භාවිතය අවම කොට වීදුරු හා කඩදාසි භාවිතය දිරිමත් කිරීම.

ජලය අපවිත්‍ර‍ වීම වැලැක්වීම සහ මල අපවහන ප්‍ර‍තිකර්ම හදුන්වා දීම.

පොදු මහජන පීඩා ඇති කරන අනවසර ශබ්ද විකාශනය වැලැක්වීම.

පදිකයන්ට සෙවන සදන ගස් මාර්ග දෙපස රෝපනය කිරීම සහ නඩත්තු කිරීම.

පදිකයන්ගේ පහසුව උදෙසා ආරක්ෂිත පදික මංතීරු ජාලයක් ස්ථාපිත කිරීම.

අතහැර දැමු ඉඩම් පිරිසිදු කිරීම, අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම සහ අතහැර දැමු ගොඩනැගිලි පාලනය කිරීම.

නිසි අනුමැතියකින් තොරව ඉදිකරන ලද ගොඩනැගිලි ඉවත් කිරීම සහ අනවසර පදිංචිකරුවන්ට සාධාරණ වන්දි හෝ විකල්ප ස්ථාන  ලබාදීම.

නගර අලංකරණයට ගැලපෙන පරිදි ව්‍යාපාරික ප්‍ර‍චාරණ පුවරු ප්‍ර‍මිතිගත කිරීම සහ නගර සභා නියාමනයට යටත් කිරීම.

මංසන්ධි අලංකරණය උදෙසා ගස් සිටුවීම, තණකොළ සිටුවීම, වතුර මල් සෑදීම සහ ස්මාරක ඉදි කිරීම.

පොදු ස්ථානවල ඇති තාප්ප ඉවත් කොට නිදහස් පිවිසුමට ඇති අයිතිය තහවුරු කිරීම.

අයිතිකරුවන් නොමැති සුනඛයින් එන්නත් කිරීම සහ අයාලේ යන ගවයන් පාලනය කිරීම.

පොස්ටර් අලවන පුවරු ස්ථාපිත කිරීම සහ පොදු ස්ථාන අවලස්සන කරන පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම.

නිසි අවසරයකින් තොරව ගස් කැපීම, පස් කැපීම, ජල උල්පත් භාවිතා කිරීම වැලැක්වීම.

ගොවිතැනට සුදුසු ඇල මාර්ග ප්‍ර‍තිසංස්කරණය කිරීම සහ ගොවි සහන ලබාදීමෙන් පුරන් වු වෙල් අස්වැද්දීම.

මහරගමට සුවැති දිවියක්

වසංගත හා බෝවන රෝග පාලනයට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීම.

අක්ෂි, දන්ත, මාතෘ හා පොදු වෛද්‍ය සායන පැවැත්වීම සහ අසරණ පවුල්වලට වෛද්‍යාධාර පිරිනැමීම.

මාතෘ පෝෂණ ආධාර සහ කුඩා දරුවන්ට පෝෂණ ආධාර ලබාදීමෙන් මන්ද පෝෂණය පිටු දැකීම.

නිවාසවල පවිත්‍ර‍තාවය ගැන සොයා බැලීම සහ පවිත්‍ර‍තාවය අනුව ත්‍යාග පිරි නැමීමෙන් පිරිසිදුව වාසය කිරීමට ජනතාව දිරිගැන්වීම.

වසවිස තොර බෝග වගාව ප්‍ර‍වර්ධනය කරමින් ගෙවතු වගාව දිරිමත් කිරීම.

ලෙඩ රෝග ඇති නොවන අයුරින් හා පරිසරයට හානි නොවන පරිදි සුකර, ගව හා කුකුල් සත්ව පාලනය සිදු කිරීම.

මස් සහ මත්ස්‍ය අලෙවිසැල් නියාමනය කිරීම සහ පවිත්‍ර‍තා සහතික ලබාදීම.

සුපිරි අලෙවිසැල් මෙන්ම තොග සහ සිල්ලර අලෙවිසැල්වලට භාණ්ඩ ප්‍ර‍වාහනය, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සහ කල්තබා ගැනීමට අවම ප්‍ර‍මිතියක් නියම කිරීම සහ පවිත්‍ර‍තා සහතික නිකුත් කිරීම.

පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍ර‍මිතිගත කිරීම සහ පොදු අංග දියුණු කිරීම.

ආහාරවල සුරක්ෂිතතාවය සොයා බැලීම සහ ආපනශාලා ප්‍ර‍මිතිය අනුව කාණ්ඩ ගත කිරීම.

පාරම්පරික වෛද්‍ය සේවය දිරිමත් කිරීමට දේශීය වෛද්‍ය මධස්ථාන පිහිටුවීම.

පොදු කාය වර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම සහ ශරීර සුවතා මංතීරු ඉදි කිරීම.

ලොන්ඩරි හරහා ව්‍යාප්ත වන රෝග පාලනයට අවම ප්‍ර‍මිතියක් ස්ථාපිත කිරීම.

භාවිතා කරන පොදු ලිං පවිත්‍ර‍ කිරීම සහ භාවිතා නොකරන පොදු ලිං වසා දැමීම.

මහරගමට සුරැකි දිවියක්

මහා මාර්ග, අතුරු මාර්ග, පටු මාර්ග, පාලම්, කානු හා බෝක්කු ඉදිකිරීම, නඩත්තුව සහ සංවර්ධනය කිරීම.

සියලු මංමාවත්වල නාම පුවරු නිශ්චිත ප්‍ර‍මිතියකට අනුව භාෂා ත්‍රිත්වයෙන්ම සවි කිරීම.

පදික වේදිකා ආලෝකකරණය කොට නවීකරණය සහ ආසන පහසුකම් සහිත බස් නැවතුම් ඉදි කිරීම සහ නඩත්තු කිරීම.

සුර්ය බලයෙන් ක්‍රියා කරන ස්වයංක්‍රීය විදුලි පහන් පද්ධතියක් ස්ථාපිත කිරීම.

පොදු වෙළද මධ්‍යස්ථාන අසලින් පොදු රථගාලක් ඉදිකිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම.

ශ්‍රී ලංකා පොලිසියෙහි සහයෝගය ඇතිව සිවිල් ආරක්ෂාව තහවුරු කිරීමට දිවා රාත්‍රි මුර සංචාර ප්‍ර‍මාණය වැඩි කිරීම.

පොදු උද්‍යාන හා ළමා උද්‍යාන ඉදිකොට නඩත්තු කිරීම සහ පොදු ක්‍රීඩාංගන සංවර්ධනය කිරීම.

දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමට දැන්වීම් පුවරු සවි කිරීම සහ ගේට්ටුකරුවන් පුහුණු කිරීම.

නගරාසන්නව පොදු රථගාලවල් ඉදි කිරීම සහ වාහන වලින් ගාස්තු අය කොට නගර සභාවෙහි ආදායම වැඩි කිරීම.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහාය ඇතිව නගර අභ්‍යන්තර ප්‍ර‍වාහන සේවයක් හදුන්වා දීම.

ගිනි නිවීමට අවශ්‍ය උපකරණ නගරාසන්නව ස්ථාපිත කිරීම සහ ගිනි නිවන අංශ ශක්තිමත් කිරීම.

රජයේ ගිලන්රථ සේවයට අමතරව නගරාන්තර ගිලන් රථ සේවයක් පිහිටුවීම.

නගරය හරහා යනෙන ජනතාවගේ පහසුවට බීමට සුදුසු පොදු ජලනල පද්ධතියක් සකස් කිරීම.

පොදු ගිමන්හල් හා පොදු ආපනශාලා ඉදිකොට සහන මිලට ආහාර ලබාදීම.

මහරගමට සරු දැහැමි ප්‍ර‍ජාවක්

ව්‍යාපාරික සහයෝගිතාවය ප්‍ර‍වර්ධනය කරමින් ව්‍යාපාරික අත්වැල වැඩසටහන හරහා නවක ව්‍යාපාරිකයන්ට සහාය ලබාදීම.

ස්වයං රැකියා හා කුඩා පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීමට ග්‍රාම ශක්ති ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

ආබාධිත පුද්ගලයන්, දිළිදු පවුල් හා යාචකයින්ට පිලිසරණක් වීමට ජන සරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

සුව නිවස වැඩසටහන හරහා වැඩිහිටි නිවාස හා ළමා නිවාස පිහිටුවීමට හා පවත්වාගෙන යාමට අතහිත ලබාදීම.

බෞද්ධ වෙහෙර විහාර ඉදි කිරීමට, නඩත්තු කිරීමට සහ සංවර්ධනය කිරීමට මුල්‍ය හා ශ්‍ර‍ම දායකත්වය ලබාදීම.

බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ජනතාවගේ  ධර්ම ගැටලු විසදීමට ගමට දහම වැඩසටහන හදුන්වා දීම.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන ජාතීන් අතර විශ්වාසය වර්ධනය කොට ජාතික සංහිදියාවට පාර කියන සංහිදියා පාලම වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

දිවා සුරකුම් මධ්‍යස්ථාන, පෙර පාසල් සහ පාසල් සංවර්ධනය කිරීම ඉලක්ක කොටගෙන දරුවන් අපේ  වැඩසටහන හදුන්වා දීම.

නව යොවුන් වියෙහි පසුවන දුවා දරුවන්ට තාක්ෂණ දැනුම සහ වෘත්තිය පුහුණුව ලබාදෙන තරුණ අරුණ නමින් යොවුන් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම.

ජංගම පුස්තකාලයක් ආරම්භ කිරීම සහ සැමට දැනුම වැඩසටහන හරහා පුරවැසියන් අතර දැනුම හුවමාරු කර ගැනීම.

ස්භාවික විපත් අවස්ථාවකට මුහුණ දෙන ආකාරය ගැන පුරවැසියන් දැනුවත් කිරීම සහ හදිසි ආපදාවකට අත්‍යාවශය උපකරණ සහිත ආපදා සහන පියස ස්ථාපිත කිරීම.

ජනතා ඉල්ලීම පරිදි දායක සභා, මරණාධාර, පුරවැසි, තරුණ, වැඩිහිටි සහ ක්‍රීඩා සමිති පිහිටුවීම, ආධාර ලබාදීම සහ උපදෙස් ලබාදීම.

ජනතාවට සිය පුද්ගලික හෝ පොදු ගැටලු කතිකා කොට විසදා ගැනීමට පහසුකම් සහිත ප්‍ර‍ජා මන්දිරයක් පිහිටුවීම.

මහරගමට සුහුරු පරිපාලනයක්

පුරවැසි කමිටු පිහිටුවා නගර පාලනයට ජනතා සහභාගිත්වය සහ ජනතා අදහස් ලබා ගැනීම.

නගර සභාවට අයත් විෂයන්ට අදාළ තොරතුරු කඩිනමින් ලබාගත හැකි තොරතුරු අංශයක් පිහිටුවීම.

නගර ගැටලු ගැන අවධානය යොමු කිරීමට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීම.

නගර සභාවෙහි කාර්යක්ෂමතාව වර්ධනය කොට එක්දින සේවාවක් ක්‍රියාත්මක කිරීම.

නගර සභාවට ලැබෙන ආදයම් වර්ධනය කොට මුල්‍ය පාලනය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සහ බදු එකතු කරන කාර්ය පටිපාටිය විධිමත් කිරීම.

ජාතික රජයෙහි සහාය ඇතිව යල්පැනගිය නීති ඉවත්කොට කාලයට උචිත නව නීති හදුන්වා දීම.

අල්ලස් ගැනීම හෝ මුල්‍ය වංචා සිදු නොකර සුහදශීලි සේවාවක් ලබාදීම උදෙසා නගර සභා සේවකයන් පුහුණු කිරීම.

නගර සභා සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩිකොට ප්‍ර‍මාදයකින් තොරව නිසි කලට ලබාදීම.

නගර සභා සේවකයන් හට නව සෞඛ්‍ය හා ජීවිත රක්ෂණාවරණ ලබාදී අනාගතය සුරක්ෂිත කිරීම.

නගර සභා සේවකයන්ගේ දුවා දරුවන් ඉලක්ක කොටගත් සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වෘත්තිය අවස්ථා ලබාදීම.

නගර සභාවට අයත් වැඩබිමක් පිහිටුවා නගර සභාවට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයට සහ අලුත්වැඩියාවට පියවර ගැනීම.