Thusitha Balasooriya
துசித பாலசூரிய

ගොඩිගමුව උතුර ප්‍රදේශවාසී ජනතාවට පණිවුඩයක්

වසර ගණනාවක් නාගරික කොමසාරිස්වරයෙක් යටතේ පාලනය වු මහරගම නගර සභාවට නැවත වතාවක් නගර සභිකයන් තෝරාගන්නා පළාත් පාලන මැතිවරණය ලබන මැයි මස 6 වන දින පැවැත්වීමට නියමිත ය. කොරෝනා වසංගතය වැනි අසීරු කාල සීමාවන්වල පවා නගර සභාවේ කැලිකසළ ඉවත් කරන සේවකයන්ගේ සිට නගර සභා නිලධාරීන් දක්වා මහත් කැපවීමෙන් ඔබගේ උවමනාවන් නොපිරිහෙලා ඉටු කිරීමට ඇපකැප වී කටයුතු කර ඇත. දේශපාලන නායකත්වයක් නොමැතිව වුවද සිය වගකීම නිසියාකාරව ඉටු කරන ලද මහරගම නගර සභා සේවක මණ්ඩලයට අපගේ ආචාරය හිමිවිය යුතු අතර එම ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කරමින් හොරකම, අල්ලස, වංචාව අවම කිරීමට නායකත්වය ලබාදීම මාගේ අපේක්ෂාවයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු මිල අධික සංකල්පයක් බව අප දනී. ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට විශාල මුදලක් වැය වුවත් මැතිවරණ පවත්වා ජනතා කැමැත්ත නියෝජනය කරන මහජන නියෝජිතයි පත්කර ගැනීමට වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් ගරු අධිකරණය විසින් නියෝග කෙරිනි. ඊට විශාල මුදලක් වැය වන හෙයින් අවස්ථා කිහිපයක දී මැතිවරණය කල්දැමීමට සිදුවුවත් රනිල්ට වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් වී කෙටි කාලයක දී රට ස්ථාවර කිරීම නිසා කෙටි කාලයක දී ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් වු වහාම පළාත් පාලන මැතිවරණයත් පැවැත්වීමට හැකි තත්වයක් උදා විය. අද වනවිට රනිල් වික්‍රමසිංහයන් බාරගත්තේ ජන්ද පත්‍රිකා මුද්‍රණය කරගැනීමටවත් කඩදාසි නොමැති රටක් බව බොහෝ අයට අමතක වී ඇත.

සෑම අයෙක්ටම පරිපාලනයට දායක වීමට නොහැකි නිසා නිර්මාණය කර ඇති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගීව පවත්වාගෙන යාමට මෙවර මැතිවරණයට සක්‍රීයව දායක වීමට  පුරවැසියන් සහ නගරවැසියන් ලෙස ඔබට අපට වගකීමක් ඇත. අපට ඇති අත්දැකීම වන්නේ නාගරික මන්ත්‍රීවරු තෝරාපත් කරගන්නා පසුගිය පළාත් පාලන මැතිවරණවලට ජනතාවගේ සහභාගීත්වය අවම වීමයි. නමුත් දිවයිනේ ප්‍රධානම රෝහලක් වන අපේක්ෂා රෝහල, තරුණ සේවා සභාව, සිරි වජිරඤාණ දහම් නිකේතනය වැනි වැදගත් සම්පත් රැසක් පිහිටා ඇති මහරගම නගර සභා සීමාවෙහි නගරවැසියන් වන ඔබ මෙවර පළාත් පාලන මැතිවරණයට ක්‍රියාකාරීව සහභාගී කරගැනීමත් සහ මැතිවරණය අවසන් වු පසුව නාගරික සංවර්ධන කටයුතුවලට ප්‍රායෝගිකව දායක කර ගැනීමත් මාගේ අපේක්ෂාවයි.

එහි නියමු වැඩසටහනක් ලෙස මහරගම නගර සභාවට අයත් ගොඩිගමුව උතුර ජන්ද කොට්ඨාසවල දිවිගෙවන ඔබට ඇති නාගරික ගැටලු යොමු කිරීම සහ ඊට කඩිනම් විසදුම් ලබාදීම සුහුරු ක්‍රමවේදයක් යටතට ගෙනඑන අතර එම වැඩසටහනට උවමනා දත්ත රැස් කිරීම ඉදිරි දිනවලදී සිදුවනු ඇත. උදාහරණයක් ලෙස ඔබගේ ප්‍රදේශයේ විදුලි පහනක් අක්‍රීය වී ඇත්නම් එය මාරු කරගැනීම ඔබගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් එවා සිදුකර ගත හැකි සරල වැඩකි. එවැනි සුහුරු වැඩසටහන් හරහා ඔබගේ කාලය ඉතිරි කරදීමට මා හට හැකි වනු ඇත. මා දැනටමත් අක්ෂි සායන, වෛද්‍ය සායන දන්ත සායන සහ නීති ආධාර කඳවුරු වැනි ප්‍රජා වැඩසටහන් පවත්වමින් සිටින අතර් ඊට ඔබ දක්වන ප්‍රතිචාර අනුව එම වැඩසටහන් තවදුරටත් පුලුල් වනු ඇත.

අවසාන වශයෙන් අප සැම අපේක්ෂා කරන්නේ වඩා සුවපහසු සැපවත් දිවියක් ගත කිරීමට හැකි වටපිටාවක් ගොඩනගා ගැනීමයි. ඊට නගර සභාවක් ලෙස දායක විය හැකි අවස්ථා රැසක් පවතින අතර ඊට දැක්මක් සහ දැනුමක් සහිත පුද්ගලයෙක් තෝරාපත් කර ගත යුතුය. ගමේකමට කිසිදු දැක්මක් නොමැති අයෙක් ඔබගේ ප්‍රදේශයෙන් නගර සභාවට යැවීමෙන් කිසිදු පලක් නැත. නැත්නම් රැල්ලට ජාතික දේශපාලනයේ බලය හිමි පක්ෂයෙන් කෙනෙක් නගර සභාවට යැවීමෙන් පලක් ඇති යන්න ඔබම කල්පනා කර බලන්න. පන්නිපිටියේ පදිංචි මා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් අලිය ලකුණ යටතේ ගොඩිගමුව උතුරට මා එවා ඇත්තේ මහරගම නගර සභාවෙහි විප්ලවීය පරිවර්තනයක් කිරීමට හැකි ජවය සහිත තරුණ නියෝජනය ලෙසිනි. එම වෙනසට ඔබගේ කතිරයේ අනුමැතියත් උවමනාම ය.

තුසිත බාලසූරිය | මහරගම නගර සහික අපේක්ෂක